Thursday, December 5, 2013


දේව රාජ්‍යයේ දොරටු විවර කළ විමුක්තිදායක ගැලවුම්කරුවා
ඈත අහසේ පෑයූ දීප්තිමත් තාරකාවකි. 


සියලූ ලෝ වැසියන්ගේ ගැලවුම්කරුවා උපන් බව තහවුරු කරන සංකේතයක් වන එම තාරකාව ඒ  කවරෙක්දැයි සොයා පැමිණෙන්නෙකුට මාර්ගෝපදේශකත්වය සපයයි. බෙත්ලෙහෙම්පුර කුඩා ගව ලෙනක් අසළ ගමන්මගෙහි අවසානය සනිටුහන් කරන තාරකාව තම ප‍්‍රභාවය තවත් විහිදුවයි.  ගව, බැටළු පැටවුන්ගේ කෑ මොර ගැසීම් මධ්‍යයයේ කුඩා බිළිදෙකුගේ අඬන හඬ වා තලයට මුසු වේ. ඒ  ජෝසප් හා මරියාගේ පුංචි පුතු ය. ලෝ වැසි සියලූ දෙනාගේ විමුක්තිදායක ගැලවුම්කරුවාණෝ ය. නාසරතයේ ජේසු සමිදාණෝ ය.


එදා බෙත්ලෙහෙමට පෑයූ තාරකාව මෙදා මීගමුව කඩොල් කැලේ ක‍්‍රීඩා භූමියේ තැනූ දැවැන්ත එළිමහන් වේදිකාවක් මත පායා පහන් විය.  ඒ  ‘තාරකයාණෝ’ පාස්කු නාට්‍යය වේදිකාගත කළ දින ය. නාට්‍යය ආරම්භය සනිටුහන් කරන්නේ අහස් කුස සිසාරා මල් වෙඩි වරුසාවක් වස්සවමිනි. මානව ඉතිහාසයේ සියලූ ලෝ වැසියන් කම්පාකළ බියකරු ම ඛේදවාචකයට මුහුණ දීමට  නාසරත්හි ජේසුස් ක‍්‍රිස්තුන් වහන්සේට සිදු විය. පාස්කුව නමින් ප‍්‍රචලිතව ඇත්තේ මෙම දුක් පුවතයි. 


තාරකයාණෝ 2012 දසුන්.........