අගැයිම් හා සුභාශිංශන

තාරකයාණෝ පාස්කු ඉඟිනළුව (Ballet) වේදිකා පසුතල හා වස්ත‍්‍රාභරණ නිර්මාණය පිළිබඳ ඇගයීමක්

දිවයිනේ මේ දක්වා රඟ දක්වන ලද පාස්කු නාට්‍ය සම්ප‍්‍රදායන්ට වඩා වෙනස් වූ මෙම තාරකයාණෝ පාස්කු ඉඟිනළුව වේදිකාවට ගෙන ඒම සංකීර්ණ ක‍්‍රියාවලියක් බව පළමුවෙන්ම කිව යුතුයි. ශුද්ධවු  ලියවිල්ලේ මැවීමේ කතාවේ සිටම දිගහැරෙන මෙම නාට්‍යයේ නළු නිළියන් සීයයකගේ කගේ පමණ දායකත්වයක් ලැබුණි. එසේම ඇතැම් නාට්‍ය ජවනිකා වේදිකාවට ගෙන ඒමේ දී විවිධ දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදු විය. දෙබස් වලින් තොරවීමත් නර්තනය හා අංග චලන වලින් පමණක් නිරූපණය කිරීමට සිඳුවීමත් හේතුකොටගෙන වේදිකා පසුතල හා වස්ත‍්‍රාභරණ නිර්මාණය කිරීම ද ඒවා මානාව සංකලනය කර ගැනීමට ද සිදු වූයේ එයටම ආවේනික වූ ආකාරයටයග මෙම ක‍්‍රියාවලියේ දී දිවයිනේ ප‍්‍රසිද්ධියට පත් පාස්කු නාට්‍ය නිර්මාණ අප විසින් නිරීක්ෂණය කළේය. උදාහරණයක් වශයෙන් දුවේ පාස්කු නාට්‍යය දැක්විය හැකිය. මෙවැනි සාම්ප‍්‍රදායික පාස්කු නාට්‍යන්ට වඩා වෙනස් වූ අදහසක් අප සිත් තුළ තිබූ නිසා බැලේ නාට්‍ය සම්ප‍්‍රදායට අප යොමු වූයෙමු. මෙහි දී දැවැන්ත නිර්මාණයක් සේම ගුණාත්මක මට්ටමෙන් උසස් තත්ත්වයකට මෙම නිර්මාණය ගෙන ඒමට අප කණ්ඩායම තුළ තිබූ අන්‍යෝන්‍ය විශ්වාසය ද කැපවීම ද ඒ ඒ ක්ෂේත‍්‍රයන් සම්බන්ධයෙන් අප එකිනෙකා ලබා තිබුණු නිපුණත්වය ද ප‍්‍රබල පිටුවහලක් විය.
  
වස්ත‍්‍රාභරණල වේදිකාව හා පසුතල නිර්මාණය කිරීමේ දී ඉඟිනළුව නම් වූ රංගන ආකෘතියට අනුව සිතීමට සිදුවිය. බැලේ සම්ප‍්‍රදායේ දී නර්තනයටත් අංග චලනයටත් උචිතව ඇඳුම් නිර්මාණය කිරීම ඉතා වැදගත් කරුණක් වේ. මන්දයත් බැලේ සම්ප‍්‍රදායේ දී චාම් හා සරල ක‍්‍රමවේදයක් අනුගමනය කරන බැවිනි. නර්තනයට බාධාවක් නොවන ආකාරයෙන් ඇඳුම් ආභරණ සකසා ගැනීමට සිදුවීම නිසාම මෙහි රංගනයට දායක වූ සියල්ලන්ගේ ම පාහේ ඇඳුම් ආභරණ අලූතින්ම නිර්මාණය කිරීමට සිදුවිය. ලංකාවේ පමණක් නොව ලෝකයේ ද පාස්කු නාට්‍යයක් බැලේ සම්ප‍්‍රදායෙන් ඉදිරිපත් කර නොතිබූ බැවින් මෙය විශාල අභියෝගයක් ද විය. තව ද ඇතැම් චරිත සඳහා එනම් ජේසු තුමාගේ හා මරිය තුමියගේ චරිත ඉදිරිපත් කිරීමේ දී උපරිම හික්මවීමකින් හා සංයමයකින් යුතුව ඇඳුම් නිර්මාණය කිරීමට ද සිදුවිය. සරල බව මෙන්ම නර්තනයට බාධාවක් නොවීම සහ එම චරිතයන්ගේ ගුණාත්මක බවට හානියක් නොකිරීම යන කරුණු සලකා බැලීමේ දී මෙය විශාල අභියෝගයක් ද විය.

නර්තනයත්, ආලෝකයත්, සංගීතයත් සහ වේදිකා හා පසුතල නිර්මාණය කිරීම සම්බන්ධයෙන් වුව ද අප එකිනෙකා හසල දැනුමෙන් ද නිපුණත්වයෙන් ද යුක්තව සිටි නිසා මෙම දැවැන්ත ක‍්‍රියාදාමය සාර්ථක කර ගැනීමට ප‍්‍රබල පිටුවහලක් වු බව කිව යුතුය. විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවූවත් අප කණ්ඩායමේ පැවති අන්‍යෝන්‍ය විශ්වාසය ද කැපවීම ද මෙහි දී වැදගත් වුණි. වේදිකාව පිළිබඳ සිතීමේ දී මෙන්ම නර්තනය, සංගීතය මෙන්ම ආලෝකකරණයේ දී ද එකිනෙකාට පැවරී තිබුණු වැඩපිළිවෙල සුලූපටු නොවේ. වේදිකාව සම්බන්ධයෙන් සිතීමේ දී මෙන්ම ඒ ඒ චරිතයන්ගේ ඇඳුම් නිර්මාණයේ දී ද විශාල වගකීමකින් කටයුතු කරන්නට සිදුවිය. චරිත සියල්ලම බැලේ සම්ප‍්‍රදායෙන් රඟ දැක්වීමේ දී අපට ඇතැම් චරිත වෙනස් කිරීමට නොහැකිය. එම චරිත විකෘති නොකාට සංයමයකින් යුතුව ඉදිරිපත් කිරීමට ද නර්තනයට උචිත ලෙස සරල ස්භාවයකින් ඉදිරිපත් කිරිම සැබවින්ම අප ලැබූ ජයග‍්‍රහනයකි. ජාතික මට්ටමින් පමණක් නොව ජාත්‍යන්තර මට්ටමින් ද පාස්කු නාට්‍යක් බැලේ සම්ප‍්‍රදායට අනුව රඟ දැක්වීමට ගත් ප‍්‍රථම අවස්ථාව සාර්ථක පියවරක් වූ බව අවසාන වශයෙන් කිව යුතුය.

වේදිකා පසුතල හා වස්ත‍්‍රාභරණ නිර්මාණය කළ රනිල් ප‍්‍රනාන්දු මහතා සමඟ ක‍්‍රිස්තියානි සංස්කෘති අධ්‍යයනාංශයේ විද්‍යාර්ථි ඔස්මන් සුසන්ත කළ සාකච්ජාවකින් සකස් විය.



‘තාරකයාණෝ’  ඉඟිනළුව (Ballet) නාට්‍යයේ සංගීතය පිළිබඳ විශ්ලේෂණයක් හැඳින්වීම


තාරකයාණෝ මුද්‍රා නාට්‍යයේ සංගීතය නවතම සංකල්පයකි. එය පේ‍්‍රක්ෂකාගාරය වෙත භක්තියේ ගෞරවනීයත්වය ළඟා කරන්නේ සංචලනය හා සංගීතය තුළින් ප‍්‍රණාමය දැක්වීමේ ප‍්‍රයත්නයක් ලෙසය. එහි සංගීතය නිර්මාණය කර ඇත්තේ එම සියළුම මූලධර්ම සිත් හි සනිටුහන් කරමිනි.

සංගීත නිර්මාණකරු, එනම් වෛද්‍ය ආලෝක ප‍්‍රභාත් මෙහි සංගීතය සඳහා උපයෝගී කර ගෙන ඇත්තේ තමාගේ ළමා අවධියේ සිට ම ඔහු හුරුව තිබූ කිතුනු සංගීතයේ ආභාසය ලබමින් ය. මෙම නිර්මාණයේ අනුප‍්‍රාණය එය යි. ගායන කණ්ඩායමේ ගායකයින්ගේ ප‍්‍රබලතම මුඛ්‍ය සංගීත නිර්මාණය වූයේ කෝමල ස්වර (B flat major) යයි . 


සීමිත පහසුකම්

ඉතා අඩු හා සීමිත වැය ශීර්ෂයක් අනුව හඬ පටිය පටිගත කිරීමට සිදුවීම ප‍්‍රධාන අපහසුතාවයකි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සජීවී නාදකයින් සහ කාර්මික ශිල්පීන් උපයෝගී කර ගැනීමට සිදුවූයේ ඉතාමත් අවම වශයෙනි. මෙය Yamaha ‘Motif’ keyboard  යක ආධාරයෙන් 3 ස්වරයෙන් පටිගත කිරීමට සිදුවිය. වයලීන, ගැටබෙර, යක්බෙර, තම්මැට්ටම් සහ උඩක්කි අනුනාදයන් පටිගත කිරීම සඳහා පියානෝ වාදකයකු ගේ සහය ලබා ගත්තේය. ඒ සඳහා සංකලනය යොදාගැනීමට නිර්මාණකරු විසින් විද්‍යුත් තාක්ෂණය උපයෝගී කරගන්නා ලදී. වයස 6 සිට 40 දක්වා වූ ගායකයින් හා ගායිකාවන් 20ක් හෝ 25 ක් යොදාගන්නා ලදී.

ශී‍්‍ර ලංකාවේ සාම්ප‍්‍රදාය අනුව පොල්තෙල් පහන දල්වා ජයමංගල ගාථා ගායනා කිරීමෙන් ‘තාරකයාණෝ’ ඉඟි නළුව ආරම්භ විය. ජයමංගල ගාථා සාමාන්‍යයෙන් ගායනා කරන්නේ විවාහ මංගල්‍යයක දී හෝ වෙනත් උත්සවයක දී නැකත් වෙලාවට බාලිකාවන් සය දෙනෙකු විසින් වුව ද මෙහි දී එය නවතම අදහසකට අනුව පුරුෂයන් විසින් උස් ගායනා ස්වරයකින් යුක්තව පූජනීය හැඟීමක් ගෙන දෙන පරිදි ගායනා කරන ලදී.

පෙරදිග වාදන සංගීත ධ්වනියේ දී තම්මැට්ටම හා ගැටබෙර වාදන සංකලනය ජය සංකේතවත් කරයි. හොරණෑ සහ  ඕගන් ඒකලනය තුළින් ප‍්‍රධාන තේමාව සහභාගී කර ගනිමින් අත්වැල් ගායනය, උච්ච ගායනා ධ්වනිය හා මන්ද ස්වර ගායනය මඟින් ප‍්‍රාණවත් කෙරේ. හමුදාමය පෙළපාලි ප‍්‍රයානයක් මෙන් දේශිය ආභාසයක් මත බෙර වාදනය අති උසස් ස්වර මාධුර්යයක් පිළිබිඹු කරයි. අත්වැල් ගායනය සහ සංගීතය දර්ශනයේ උච්චතම සන්තෘෂ්ටිය හා ජයග‍්‍රාහී බව තීව‍්‍ර කෙරේ.


කථිකාචාර්ය කමලිනී සමරකොන් විසින් රචිත ඉංග‍්‍රිසි ලිපියේ සිංහල පරිවර්තනය විද්‍යාර්ථි ඈන් දිල්රුක්ෂි - කැලණිය විශ්වවිද්‍යාලය 





ශුභාෂිංසන


No comments:

Post a Comment