“Tharakayano”- Passion Play in Ballet
In the history of world
passion plays we come across the world’s most famous Oberammergau passion play
which was once dramatized in the Baroque style. In 1750, Ferdinand Rosner, a
Benedictine monk from the monastery of Ettal in Bavaria was instrumental in revising
the traditional text of the Oberammergau passion play. He introduced the sacred
Baroque theatre in the 8,457 verses of his passion nova which became very
popular in Bavaria as a new model for passion plays. Though Rosner’s innovation
did not last long due to the opposition of the traditionalists in the Community
of Oberammergau his experiment in changing the Content and especially the Form
of the traditional Passion play model paved the way for the search of new
models.
According to Prof. E. R. Sarachchandra,
the earliest Sri-Lankan passion plays were enacted at Pesalai in Mannar and at
Duwa and Pitimana in Negombo. These passion plays were performed by means of
life-size statues inside a large pavilion with a roof about twenty feet high (The Folk Drama of Ceylon, p. 124). It
was K. Lawrence Perera, the pioneer of the Borelassa Passion play who brought
innovative changes in 1924 by using living actors instead of statues as “[…] he
thought that the Passion shows done in Church premises with statues were
“crude” and unworthy of so lofty a theme as the passion of Christ.” (The Folk Drama of Ceylon, p. 126). It
was the Oberammergau Passion play which influenced Lawrence Perera for this
innovation. But the Archbishop of Colombo disapproved his another innovation of
using women in the cast and the play was banned in 1939. (See for an extensive
research on this, Wijith Rohan, The
History, the Content and the Form of Sri- Lankan Passion Play, pp.
265-290).
For the first time in four
hundred years of Sri-Lankan Passion Play history we are going witness an
entirely innovative change concerning the Biblical
Content and the Form of the
Passion play tradition with the intense preparation in Negombo for a Passion
play performance in Ballet style titled “Tharakayano”
on 29th Sunday April at
Kadolkele grounds around 6.30 p.m.
Ballet is known as a kind of
performance dance which has its birth place in the Italian Renaissance courts
of the 15th century. It is important to find out whether a passion
play had been dramatized in Ballet style in the world. We know Oberammergau
Passion play in Baroque theatre but not in Ballet.
“Tharakayano” is the true
Sinhala name given to Jesus Christ (For this see the Passion play script
written by an erudite scholar, Sri Charles De Silva in pure ‘Hela’ Sinhala, ‘Parama Puda’ or Supreme Sacrifice).
The
Biblical Content and the Symbols of “Tharakayano”
In keeping with the age old
passion play tradition, “Tharakayano” begins with the Creation Story and the
Fall of Adam and Eve as depicted in the book of Genesis in the Bible. But much
emphasis is given to the story of Exodus
which is the real Passion Story of the Bible. It is Jesus, the new Moses who
liberates the oppressed people of the world as God YAHWEH brought freedom to
the slaves of Israel through Moses by releasing them from the fetters of the
oppressor, the Egyptian king, Pharaoh. The ‘Crossing of the Red Sea’ is the
Passover from slavery to freedom (Exodus, 14: 5-31). The liberated Israelites
sang a song in praising YAHWEH which ends in a convincing praise ‘YAHWEH will
reign forever’ (Exodus, 15: 18), the fundamental profession of Israel’s faith.
The Serpent, the craftiest
of all the wild creatures is symbolized as the inner craving of humanity’s
greed for Power, Wealth and Prestige. The true biblical meaning of this
symbolism is identified with the depiction of this Serpent again when the
disgusted Israelites who were marching arduously towards YAHWEH’s promise land
refuses to eat tasteless manna. The people who complained against God and Moses
were bitten by fiery Serpents sent by YAHWEH. Then Moses as instructed by
YAHWEH made a bronze Serpent and set it on a standard. The Israelites who
looked towards this bronze Serpent were cured and lived as they agreed not to
be deceived again by the Serpent which symbolizes the unlimited desire for want
of power, wealth and prestige (The book of Numbers, 21: 4-9).
When Jesus is baptized by
John the Baptist at the river Jordan, YAHWEH’s proclamation in accepting Jesus
as his Beloved and Chosen Son is intermingled with the fundamental profession
of Israel’s faith, ‘YAHWEH will reign for ever.’
Jesus is tempted in the
wilderness just after his Baptism. The Cross on the mount of Calvary is
depicted with the Serpent. Jesus who struggles against the temptations of Satan
which were in contrary to the values of God’s Kingdom, convincingly defeats
them with total renouncing of Power, Wealth and Prestige that caused the Fall
of Adam and Eve. At the end of the scene the Cross on Calvary is depicted
without the Serpent.
The Serpent is again
depicted when Judas is given the thirty pieces of silver by the chief priests
of Sanhedrin for the betrayal of Jesus. After Jesus was arrested by the Roman
battalion and the Temple police and all his disciples fled, Judas comes and
opens the purse of the thirty silver from which the Serpent comes and strangled
his neck.
Three women, Jesus’ mother,
mother’s sister Mary and Mary of Magdala are seen with the Beloved disciples at
the foot of the cross after the death of Jesus (John 19: 25). An Angel lights a
candle from a star that shines on the cross and shares that light with Mary and
others. The audience also participates in lighting their candles with all the
artists. The lighting of candles symbolizes the birth of the first Christian
Community at foot of the Cross.
Finally ‘Tharakayano’ ends
with the scene on the ‘Road to Emmaus’ which depicts the Resurrection and the
Ascension of Lord Jesus.
ලාංකේය කිතුනු නාට්‍ය කලාව
ලාංකේය නාට්‍ය කලාවේ පෝෂණයට කිතුනු නාට්‍ය කලාව දායක විය. 17 වන සියවසේ සිටි පෘතුගීසී ධර්මදුත පියතුමන්ලා විසින් රචනා කරන ලදැයි සිතිය හැකි පාස්කු නාට්‍යවල අත්පිටපත් කිහිපයක් ශේෂව තිබුණි. ලංකාවට පැමිණි ධර්මදුත පූජකවරු මෙම අත්පිටපත් වල අභාසය ලබන්නට ඇත. 17 වන සියවසේ ෆැන්සිස්කාන නිකායේ අන්තෝනියෝ පෙයිශෝතු පියතුමා මීට නිදසුනකිග මෙතුමා 1609 දී මාතර කොටවත දෙව්මැදුරේ කිතුනු නාට්‍යයක් රඟ දක්වා ඇත. එවකට මෙරට පැවති විවාහ ක‍්‍රමයක් වූ එකගෙයි කෑම (Polygamy) සදාචාරාත්මක නොවන බව පෙන්වීමට මෙම නාට්‍ය ලියා ඇත්තේ ස්නාවක ජුවාම් තුමාගේ ප‍්‍රණ පරිත්‍යාගය” නම් වූ තේමාව මූල් කර ගනිමින්ය. (See V. Perniola, The Catholic Church in Sri-Lanka, The Portuguese Period, vol. III (Tisara: Dehiwala, 2003, pp121-124 ඇම්.එච්. ගුණතිලකල සිංහල නාඩගම් සහ දමිළ කුත්තු, 1වන කාණ්ඩය, ගොඩගේ. කොළඹ, පිටු ,63-65 ත විජිත් රොහාන්, ලාංකේය පාස්කු-දුඃඛප‍්‍රාප්ති නාට්‍යයේ ඉතිහාසය, ආකෘති හා භාවිතය, පිටු 78-81)
1602 දී ජේසු නිකායික පියතුමන්ලා විසින් නිර්මණය කළ නාට්‍යක් රඟ දක්වා ඇත්තේ කොළඹ ජෙසු නිකායික ගෘහයේ පැවති නාට්‍ය පාසලේ දීය. මෙම නාට්‍ය දියෝගා ද කූඤ්ඤ පියතුමා විසින් නිරිමාණය කළ බව සඳහන් වේග මෙය ලාංකේය කිතුනු ජනවන්දනා නාට්‍යයේ පැරැණි ම රංගනය ලෙස සඳහන් වේ. (W. L. A. Don Peter, Studies in Ceylon Church History (The Catholic Press: Colombo, 1963, p. 31).
18 වන ශතවර්ෂයේ දි ඔරතෝරියානු නිකායේ ජකෝමේ ගොන්සාල්වෙස් පියතුමාගේ මුලිකත්වයෙන් ලාංකේය පාස්කු නාට්‍ය කලාව තව දුරටත් වර්ධනය වියග 1743 දි කම්මල හෙවත් බෝලවත්ත දේවස්ථානයේ පැවති පාස්කු නාට්‍ය සංදර්ශනය එතුමා විසින් රචිත දුඃඛප‍්‍රාප්ති ප‍්‍රසංගය සහ දේශනා නවයේ පසන් පොත ඇසුරින් නිර්මාණය වූවකි. (See Edmund Peiris, At the Tomb of Gosalvez, A Brief History of Bolawatta (M. D. Gunasena: Colombo, 1951, 6-21, විජිත් රොහාන්, ලාංකේය පාස්කු-දුඃඛප‍්‍රාප්ති නාට්‍යයේ ඉතිහාසය, ආකෘති හා භාවිතය, පිටුල 97-105)
19 වන සියවසේ දි මන්නාරම පේසාලේ රූකඩ සුරුවම් පාස්කු නාට්‍ය සංදර්ශනය වූයේ ස්ථාවර පාස්කු මණ්ඩපයක් මතය, :විජිත් රොහාන්, ලාංකේය පාස්කු-දුඃඛප‍්‍රාප්ති නාට්‍යයේ ඉතිහාසය, ආකෘති හා භාවිතය, පිටුල 111-116)
1923 දි බොරලැස්ස පාස්කු නට්‍ය ආරම්භ විය. එය 1934 දි ආරම්භ වූ ජර්මනියේ ඔබර් අමගව් පාස්කු නාට්‍යයෙන් ආභාසය ලැබීයග බොරලැස්ස පාස්කු නට්‍යයේ රචනය හා නිෂ්පාදනය කේග ලොරන්ස් පෙරේරා මහතාගේය. ඔබර් අමගව් පාස්කු නාට්‍ය 1921 දී ඔහු ජර්මන් රටේ දී නරඹා තිබුණු අතර එය ජීවමාන නළු නිළියන් මගින් රඟ දක්වන ලදී. එවකට දේශිය පාස්කු නාට්‍ය රග දක්වනු ලැබූවේ සුරුවම් හා ප‍්‍රතිමා මුල් කරගෙනයග ලොරන්ස් පෙරේරා මහතා ජීවමාන නළුවන් යොදාගෙන පළමුවරට පාස්කු නාට්‍ය රඟ දක්වන්නට විය. 1923 සිට 1939 දක්වා බොරලැස්ස පාස්කු නට්‍ය ශි‍්‍රධර නාට්‍ය සංගමය මගින් වේදිකා ගත වියග 1939 දි ලංකා කතෝලික සභාව විසින් බොරලැස්ස පාස්කු නාට්‍ය තහනම් කරන ලදී. එසේ කළේ කාන්තා චරිත සඳහා ජීවමාන නිළියන් යොදා ගැනීම නිසාය. :විජිත් රොහාන්, ලාංකේය පාස්කු-දුඃඛප‍්‍රාප්ති නාට්‍යයේ ඉතිහාසය, ආකෘති හා භාවිතය, පිටු, 135-187ල 265-290)
මීගමුවේ දුව සහ පිටිපන, මග්ගොන, පයාගල, වාද්දුව, මොරටුව, මෙන්ම යාපනය ආදි ප‍්‍රදේශයන් පාස්කු නාට්‍ය කලාවේ තෝතැන්නක් විය.
‘තාරකයාණෝ’ යනු හෙළ බසින් ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේව ආමන්ත‍්‍රනය කරන නාමය යි. ‘පරම පුද ’ නමින් හෙළ බසින් රචිත පාස්කු නාට්‍යයේ රචක ශී‍්‍ර චාල්ස් ද සිල්වා පඬිතුමන්ට අනුව ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේ මරණය ජයගත් තාරකයාණෝය. ගී‍්‍රක හා ලතින් භාෂාවන්ගෙන් රචිත පූජා නාටක මෙන්ම කි‍්‍රස්තියානි ජනවන්දනා නාට්‍ය පිටපත් පිළිබඳ හසළ දැනුමකින් හෙබි මෙම පඬිවරයා පාලි, සංස්කෘත හා දම්ළ භාෂාවන්ද මැනවින් උගත් මහා ප‍්‍රාඥයෙකි. තාරකයාණෝ බැලේ නාට්‍ය පිටපත පරම පුද පාස්කු නාට්‍ය පිටපතෙන්ද ආභාසය ලබා තිබේ.
ලෝක පාස්කු නාට්‍ය සම්ප‍්‍රදායේ ඉතාමත් සුප‍්‍රසිද්ධ ‘ඔබර් අමගවු’ පාස්කු නාට්‍යය 1750 දී බැරොක් (Baroque) ශෛලියෙන් වේදිකා ගත කොට තිබේ. ෆර්ඩිනන්ඞ් රොස්නර් නම් වු බෙනදිකානු තාපස වරයා මෙම බැරොක් නාට්‍යයේ නිර්මාණ කරුවාය. එහෙත් බැලේ නාට්‍ය ශෛලියෙන් රංග ගත වු පාස්කු නාට්‍යයක් ලෝක පාස්කු නාට්‍ය සම්ප‍්‍රදායේ තිබේද යන්න සොයා බැලිය යුතුව ඇත. කෙසේ වෙතත් ‘තාරකයාණෝ’ ලංකාවේ ප‍්‍රථම බැලේ පාස්කු නාට්‍ය ලෙස හැදින්විය හැකිය.
පාස්කු නාට්‍යයේ ආකෘතිමය වෙනසක්
ලාංකේය පාස්කු නාට්‍යයේ ආකෘතිය නිර්මාණශීලීව පළමු වරට වෙනස් කළේ බොරලැස්සේ ලෝරන්ස් පෙරේරා නම් වු නාට්‍ය වේදියා ය. වාස්- ගොන්සාල්වේස් පියතුමන්ලාගේ යුගයේ සිට වසර 400 ක් පමණ ඉපැරණි ජීවමාන මිනිස් ප‍්‍රමාණයේ සුරුවම් කර්මණ්‍ය කිරිමෙන් රංග ගත වු මන්නාරමේ පේසාලේ මෙන්ම මීගමුව දුව හා පිටිපන පාස්කු නාට්‍ය සම්ප‍්‍රදාය 1924 දී ලෝරන්ස් පෙරේරා ආකෘතිමය වශයෙන් වෙනස් කළේ නාට්‍ය චරිත සදහා සුරුවම් බැහැර කොට ජීවමාන නළුවන් යොදා ගැනීමෙන්ය. මර්සලීන් ජයකොඩි පියතුමාද ඒ මග ගමන් කරමින් 1939 දී මීගමුව දුව පාස්කු නාට්‍ය ජීවමාන නළුවන් යොදා රංග ගත කළේය. මෙම ආකෘතිමය වෙනස තවත් නිර්මාණශිලීව ඉදිරියට ගෙන ගිය ලෝරන්ස් පෙරේරා කාන්තා චරිත සදහා ජීවමාන කාන්තාවන්ම යොදා ගැනීම හේතු කොට ගෙන බොරලැස්ස පාස්කු නාට්‍ය කොළඹ අගරදගුරු තුමා විසින් 1939 දී තහනම් කළේය.
පාස්කු නාට්‍යයේ බයිබලීය අන්තර්ගතය
‘තාරකයාණෝ ’ නාට්‍යයේ ආකෘතිය බැලේ ශෛලයට අයත් වනවා මෙන්ම එහි බයිබලීය අන්තර්ගතය ද නූතන බයිබල් විද්වතුන්ගේ අධ්‍යයනයන්ගෙන් පෝෂණය ලබා තිබේ. විශේෂයෙන්ම උත්පත්ති පොතේ මැවීමේ කථාව හා නික්මයාම පොතේ වහල්කමින් නිදහසට වන තාරණය සර්පයා නමැති බයිබලීය සංකේතයෙන් අර්ථකතනය කිරීම මෙහි විශේෂත්වය යි. මහාචාර්ය ෂර්ලි විජේසිංහ පෙන්වා දෙන පරිදි සර්පයා යනු අසීමිත රුචියයි. අසීමිත රුචියේ සංකේතයක් වන සර්පයා ආදම් හා ඒව එම රුචියට පොළබවා ගැනීමත් (උත්පත්ති 3 / 1- 24) පොරොන්දු දේශය කරා ගමන් ගන්නා ඊශ‍්‍රායෙල් ජනතාව එම අසීමිත රුචියට වහල් වීම හේතු කොට ගෙන ඔවුන්ට සර්පයින්ගෙන් පීඩාවිදීමට සිදුවීමත් (ගණන් කථාව 21/ 4- 9) මෙහි නිරුපණය වේ. මෝසෙස් විසින් දෙවියන් වහන්සේගේ ඉල්ලීම පරිදි රිටක් මත දැමූ සර්පයා දෙස බැලූ ඊශ‍්‍රායෙල් ජනතාව සුවපත් වීම අසීමිත රුචීයට සිමාවක් දැමිම සංකේතවත් කරයි.
මෙම සර්පයා ජේසු තුමන්ගේ දුර්පරික්‍ෂා තුන නිරුපණය වන අවස්ථාවේ ද සංකේතවත් වෙයි. ධනය බලය සහ කිර්තිය සංකේතවත් කරන මෙම දුර්පරික්‍ෂාවන් ජේසුතුමා විසින් පරාජය කිරීම නීරුපණය වන්නේ අසීමිත රුචියේ පෙළබවීමට එනම් සර්පයාට එතුමන් යටත් නොවූ බවයි. රිදී තිහකට ජේසු තුමන්ව පාවා දුන් ජුදාස් ද මෙම අසී්මිත රුචියේ සර්පයාට වහල් වූ බව සංකේතවත් කරමින් රිදී තිහ ඇති පසුම්බියෙන් නික්මෙන සර්පයා ඔහුලේ ගෙළ වෙලා ගැනීමෙන් ජුදාස් මරණයට පත්වේ.
ස්නාවක ජුවාම්ගේ හිස සිඳලන්නේ රෙරෝදියෙස්ගේ දියණිය අලංකාරවත් නැටුමකින් හෙරෝද්ව පිනවන විටය. මෙම දර්ශනය අවසන් වනවාත් සමගම ජේසුතුමා ගලීල මුහුද අද්දර සිටින පේදුරු හා ඇන්ඩෘගේ හිස් දැල් පිරී යන තෙක් මාළු ලබා දෙයි. ශ‍්‍රාවකයන් දොලොස්දෙනා සමග ජේසු තුමන් දේව රාජ්‍යයේ සුභාරංචිය දේශනා කිරීම අරභයි. එහිදි පවුකාර ස්ති‍්‍රයට සමාව දීම, කන්ද උඩ දේශනාව, ලාසරස්ව මරණින් නැගිට වීම, පූප වැඩි කිරීම, ජේසු තුමන් ජෙරුසලමට පිවිසිම , එතමන් දේව මාලිගාෙවි වෙළදුන් ගේ මුදල් මේස වලට පහර දීම, සැන්හෙන්ඩි‍්‍රන් කුමන්ත‍්‍රණය , පිලාත් ඉදිරියේ එතුමන් විනිශ්චයට ලක් වීම ,එතුමන්ව ගල් කනුෙවි බැඳ කස පහර දීම, එතුමන් කුරුසය ඔසවාගෙන කල්වාරි කන්ද වෙත නැගීම, වේරෝනිකා නම් ස්ති‍්‍රය එතුමන්ගේ මුහුන පිස දැමීම. ජෙරුසෙලෙම් ස්ති‍්‍රන් හඩා වැළපීම, මරිය තුමී හමුවීම, හේවායින් විසින් එතුමන්ව කුරුසයේ ඇණ ගැසීම, මරියතුමී හා තවත් ස්ති‍්‍රන් දෙදෙනෙක් පේ‍්‍රමවන්ත ශ‍්‍රාවකයා සමග කුරුසිය පාමුල සිටීම, ජේසු තුමා කුරුසයේ උකුත් වීම සහ අවසානයේ දී එතුමන්ගේ උත්ථානය එම්මාවුස් ගමණින් නිමා වීම යන නාට්‍ය ජවනිකාවන් බැලේ නාට්‍ය ශෛලයට අනුව රග දැක්වේ.

"තාරකයාණෝ" පාස්කු නාට්‍ය බැලේ ශෛලියෙන්......

No comments:
Post a Comment