Home-මුල් පිටුව


 ‘එතුමන්ගේ නාමයට නර්තනයෙන් පැසසුම් කරත්වා’  (ගීතාවලිය 149:3)

නර්තනයේ ස්වාමියාණෝ 




විශ්වය ආරම්භ වන උදෑසනයේ දී මම නැටුවෙමි,
සඳේ ද, තරුවල ද, ඉරේ ද මම නැටුවෙමි,
සගයෙන් බැස අවුත් මිහිතලය මත මම නැටුවෙමි,
බෙත්ලෙහෙම් පුරවරයේ දී මම උපත ලැබුවෙමි.
එබැවින් ඔබ කොතැනක වූවත් රංගනයේ යෙදෙන්න,
එතුමන් කීවේ මම නර්තනයේ දෙවිඳුන් බව ය.
ඔබ කොතැන සිටියත් මම ඔබව මෙහෙයවමි,
නර්තනයේ දී මම ඔබ සැම මෙහෙයවන්නෙමි.



මම පරිසිවරුන් වෙනුවෙන් ලේඛකයන් වෙනුවෙන් නැටුවෙමි.
එහෙත් ඔවුන් නර්තනයේ නොයෙදුණි, ඔවුන් මා අනුගමනය නොකළෝ ය. 
ධීවරයන් වෙනුවෙන් ජේමිස්, ජෝන් යන සගයන් වෙනුවෙන් මම නැටුවෙමි.
ඔවුහු මා සමඟ ආවෝ ය. නර්තනය නොකඩවා කෙරිණි. 

සබත් දවසේ දී මම නැටුවෙමි : අබ්බගාතයින් සුව කළෙමි, 
එහෙත් එවකට සිටි ශුද්ධ වූ අයට එය ලැජ්ජාවට හේතුවක් විය. 
ඔවුහු මට කස පහර දුන්හ : මා නිර්වස්ත‍්‍ර කළෝ ය. 
උස් තැනක මා එල්ලා, කුරුසිය මත මා හට මැරෙන්නට ඉඩ හැරියහ. 

අහස අඳුරු වූ ඒ සිකුරාදා දින මම නැටුවෙමි,
යක්ෂයා සමගින් නර්තනයේ යෙදීම දුෂ්කර කරුණකි,
ඔවුහු මා මිහිතලයේ වැලලූහ, එය මගේ අවසානය යි සිතූහ,
එහෙත් නර්තනය මම වෙමි. මම එහි නොකඩවා යෙදෙමි.



ඔවුන් මා පහතට හෙලූ නමුත් මම ඉහළටම නැඟුණෙමි.
කිසිදිනෙක මිය නොදෙන ජීවිතය මම ය.
ඔබ මා තුළ ජීවත් වන්නේ නම්, මම ඔබ තුළ ජීවත් වන්නෙමි.
එතුමෝ මෙසේ පැවසූහ. ‘මම නර්තනයේ ස්වාමියාණෝ ය’

හිලේරියන් දිසානායක නි.ම.නි.









"තාරකයාණෝ” 

දුක්ප‍්‍රාප්තියේ නර්තන කාව්‍යය 

"තාරකයාණෝ" ලොව ප‍්‍රථම පාස්කු බැලේ ප‍්‍රසංගයයි. 
එය වසර 2012 දි මීගමුව කඩොල් කැලේ සහා 2013 දි කොළඹ නෙලූම් පොකුණ රඟහලේ දී අති සාර්ථකව රඟදක්වන ලදි. "තාරකයාණෝ" අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ නැරඹූ අතර එය ලොව ප‍්‍රථම පාස්කු බැලේ ප‍්‍රසංගය බවට ප‍්‍රකාශයක් ද ලබා දී ඇත.  Wikipedia හි ලොව ප‍්‍රථම පාස්කු බැලේ ප‍්‍රසංගය "තාරකයාණෝ" බව සඳහන් ය.

තවද "තාරකයාණෝ" පිළිබඳව විචාර ලිපි සංග‍්‍රයහයක් කැළණිය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් මහතාගේ සංස්කරණයෙන් ඇස්. ගොඩගේ සමාගමේ ප‍්‍රකාශණයක් ලෙස 2013 වසරේදී මුද්‍රණය විය. එසේම "තාරකයාණෝ" පිළිබඳව විද්වත් අදහස් පසුගිය කාලය පුරා විවිධ මාධ්‍යයන්හි පලවිය.

මේ සියළු කාරණා සමග අපි වඩාත් උනන්දුවෙන් හා සංවිධානාත්මකව ඉදිරියෙදි දැවැන්ත එළිමහන් දර්ශණ පැවැත්වීමට අදහස් කරමු.

එය 35 දෙනෙකුගෙන් සමන්විත වෘත්තීය සජීවී වාදක මණ්ඩලයක් (Symphony Orchestra) සහා සමස්ත රංගන, කළා ශිල්පින් 200 ද ඇතුළු නවාංග කිහිපයක් සමග නවීන තාක්‍ෂණික උපක‍්‍රම හා ප‍්‍රයෝග යොදා ගනිමින් ඉදිරිපත් වනු ඇත.

දිනකට පේ‍්‍රක්‍ෂයන් 20,000 බැගින් දින දෙක සඳහා පේ‍්‍රක්‍ෂයන් 40,000 ක්
බලාපොරොත්තු වේ. (2012 දී 15,000 පමණ පිරිසක් නරඹන ලදි.) දේශීයව හා ජාත්‍යන්තර පුළුල් විද්යුත්, ඉලෙක්ට්‍රොනික හා මුද්‍රිත මාධ්‍ය ආවරණයන් ලබා දේ. දේශිය හා විදේශීය සභා ශ්‍රේෂ්ඨයින්ටද, මැති ඇමතිවරු ඇතුළු රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන් ට ද සියළු කලා කරුවන්ට ද ආරාධනා කෙරෙනු ඇත.

"තාරකයාණෝ" ශ්‍රී ලාංකික පාස්කු නාට්‍ය කලාව තුල මත පමණක් නොව ජාත්‍යන්තර තලයේ ප‍්‍රශස්ථ කලා කෘතියක් ලෙස ඉදිරිපත් කිරීම අපගේ අභිප‍්‍රායයි.

මෙම මහා කලා කෘතිය තුන්වන වරටත් ඉදිරිපත් කිරීම සඳහා අප හා එක්වන ලෙස ඔබ සෑමට අප කාරුනිකව ආරාධනා කරමු.


ස්තූතියි,
සංවිධායක මඩුල්ල.

No comments:

Post a Comment